FAST NEWS

24×7 Around the Globe

ජනපති විසින් පළාත් සභා මැතිවරණය පිළිබද කළ විමසීම ගැන නීතීඥ සංගමයේ ස්ථාවරය අනිද්දා

 

(ෆාස්ට් නිව්ස් ‍‍‍‍| කොළඹ) – ජනාධිපතිවරයා විසින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සිදුකරන ලද විමසීමට අදාලව අනිද්දා (21) දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට සිය මතය ලිඛිතව ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සදහන් කරයි.

එම සංගමයේ ලේකම් නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතා කියා සිටියේ ඒ පිළිබඳ සිය සංගමයේ විධායක සභාව මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවයි.

සීමා නිර්ණ වාර්තාව සම්මත වී නොමැති වාතාවරණයකදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් පවතිනවාද යන්න ජනාධිපතිවරයා පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කළේය.

ඒ අනුව මේ පිළිබඳ ලිඛිත දේශන ලබන 21 වනදා දහවල් 12.00 ට පෙර යොමුකරන ලෙසටයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරයා ශ්‍රී ලංකා නීතීඥ සංගමයට දැනුම් දෙනු ලැබුවේ.