(ෆාස්ට් නිවුස් | කොළඹ) – ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසා සිටින ආකාරයට වසරේ මේ දක්වා කාලය තුළ වාහන අලෙවිය සියයට 75කින් පමණ පහත වැටී ඇත.
එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කරන පරිදි වාහන ආනයන හා අලෙවිකරුවන් මේ වන විට දැවැන්ත ආර්ථික කඩා වැටීමකට ලක්ව තිබේ.
පසුගිය අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව වාහන මිලදී ගැනීම අතිවිශාල ලෙස පහලට ගොස් ඇති අතර රටේ ආර්ථික හා දේශපාලන අස්ථාවරභාවය එයට බෙහෙවින් බලපා ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.








