(ෆාස්ට් නිවුස් | කොළඹ) – 2025 වසර වනවිට ජනතා අයිතියට පත් කිරීමට නියමිත මාලඹේ –කොළඹ සැහැල්ලු දුම්රිය සේවයේ මූලික අදියරේ ඉදිකිරීම් මේ වනවිට ආරම්භ කර තිබේ.
අමාත්‍යාංශය පවසන ආකාරයට දුම්රිය ධාවනය සඳහා කණු ඉදිවන ස්ථානයන් හි පූර්ව විශේෂ පරීක්ෂණ කටයුතු විශේෂඥ දැනුම සහිත ආයතන පහකින් සිදු කිරීමට නියමිතයි.
ව්‍යාපෘතිය මඟින් මාලඹේ සිට කොළඹ කොටුව දක්වා කිලෝමීටර 16 ක් දුර නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට යෝජනා කර තිබේ.
ගමනාන්ත දෙක අතර දුම්රිය නැවතුම්පොළ සංඛ්‍යාව 16 ක් වන අතර වරකට හැකි මඟීන් ප්‍රමාණය 800 ක් පමණ වේ.
මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතට ආසන්නව දුම්රිය නඩත්තු සහ සේවා අංගනයක් ඉදි කිරීමටද ජපන් තාක්ෂණයෙන් නිෂ්පාදනය කරන සුඛෝපබෝගී සැහැල්ලු විදුලි දුම්රියක් මෙහි ධාවනයට යොදා ගැනීමට සැලසුම් කර තිබේ.








