FAST NEWS

24×7 Around the Globe

කොළඹ සිට කසල රැගෙන ගිය ටිපර්වලට පහරදුන් තිදෙනෙක් අත්අඩංගුවට

 

(ෆාස්ට් නිවුස් | කොළඹ) – පුත්තලම නගරය ආසන්නයේදී අද(19) අලූයම කොළඹ සිට අරුවක්කාරු දක්වා කසළ ප්‍රවාහනය කළ ටිපර් රථවලට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකට අදාළව තුන්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ටිපර් රථ තුනකට කට මෙලෙස පහර දී ඇති අතර මිට පෙරද එලෙස කසල රැගෙන ගිය ටිපර් රථවලට අවස්ථා කිපයකදීම ජනතා විරෝධය එල්ල වී තිබේ.

මෙම ටිපර් රථවලට පහර දී හානි සිදුකළ සැකකරුවන් පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වැඩිදුරටත් වාර්තා වෙයි.