(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද (19) පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පස්වරු 4ට පැවැත්වෙයි.
එහිදී ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ එක්ව බිහි කිරීමට නියමිත නව සන්ධානය පිළිබඳව සාකච්චා කිරීම, ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම මෙන්ම පාර්ලිමේන්තු සතියේ කටයුතු සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිතයි.
එමෙන්ම, එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රීවරුන් අද දිනයේ පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස හමුවීමට සැලසුම් කර තිබුණ ද එය යළිත් කල් ගිය බවයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ.








