FAST NEWS

24×7 Around the Globe

ලසන්ත සහ තාජුඞීන් ඝාතනය ඇතුළු සිද්ධි 6ක් ගැන පොලිස්පති CIDයෙන් වාර්තා කැඳවයි

(ෆාස්ට් නිව්ස්|කොළඹ) – ප්‍රධාන විමර්ශන සිද්ධි 6කට අදාළව විමර්ශන ප්‍රගතිය ඇතුළු  කරුණු 11ක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැදවා තිබේ.

ඒ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී cc මෙන්ම මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැගිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු සිද්ධීන් 6කට අදාළ විමර්ශන සම්බන්ධවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මෙම කරුණු 11 සම්බන්ධයෙන් එක් එක් සිද්ධියට අදාළව වෙන වෙනම ගොනු සකස් කර මේ මස 23 වන දා හෝ ඊට පෙර ලබාදෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවයි.

නීතිපතිවරයාගේ දැනුම් දීමට අනුව ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුඩීන් ඝාතන, ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, කීත් නොයාර් පැහැරගෙන යාම, සහන සේවයේ යෙදුණු 17 දෙනෙකු ඝාතනය කිරීම සහ තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.