FAST NEWS

24×7 Around the Globe

පෙදරේරුවෙකු වහලයක් මතින් වැටී මිය යයි

(ෆාස්ට් නිව්ස්|මහනුවර)  –  ගලහ , දෙල්තොට ප්‍රදේශයේ නිවසක් ඉදිකරමින් සිටි පුද්ගලයෙකු එහි වහලයෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය පවසයි.

අඩි 9ක් පමණ උස වහලයකට නැග ඇති ඔහු ජල නළ සවි කිරීමකට සූදානම් වූ අවස්ථාවේදීය ඉන් ඇද වැටී ඇත.

පසුව ඔහු දෙල්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මිය ගොස් සිටි බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස මිය ගොස් ඇත්තේ ලූල්කඳුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක් තිදරු පියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ගලහ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.