FAST NEWS

24×7 Around the Globe

මත්පැන් වැටලීම් දැනුම් දෙන්න හෙට සිට නව දුරකථන අංකයක්

(ෆාස්ට් නිව්ස්|කොළඹ)  –  නීතිවිරෝධී මත්පැන් වැටලීම සඳහා තොරතුරු ලබාදීමට ක්‍ෂණික දුරකථන අංකයක් හඳුන්වා දෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

හෙට සිට 1913 දුරකථන අංකය ඔස්සේ එම තොරතුරු දැනුම් දෙන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම ක්‍ෂණික දුරකණ අංකයෙන් ලැබෙන පැමිණිලිවල රහස්‍ය භාවය සුරකින බවයි.

නීතිවිරෝධී මත්පැන් ප්‍රවාහනය හා ළඟ තබාගැනීම සම්බන්ධයෙන්ද මෙම අංකය ඔස්සේ පැමිණිලි කළ හැකි බවද  සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.