(ෆාස්ට් නිව්ස්|කොළඹ) – වව්නියාව, නෙඩුන්කේනි, කෝරමෝටෙයි වැව් තාවුල්ලේදී වන අලියෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
ඒ බඳින තුවක්කුවක්කුවක් පත්තුවීමෙනි.
පැවති නියඟය හමුවේ ජලය සොයා වැවට පැමිණෙන වන සතුන් දඩයම් කිරීමට අටවා තිබු බඳින තුවක්කුවක් පත්තුවීමෙන් එලෙස වන අලියා ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාකරු පැවසීය.
මෙම වන අලියා මීට දින කිහිපයකට පෙර මිය ගොස් ඇති බව අනාවරණය වී ඇත.
මළ සිරුර දින දෙකකට පමණ පෙර ප්‍රදේශවාසීන් දැක පොලීසියට දැනුම් දී තිබේ.
වව්නියාව වනජිවි නිලධාරීන් විසින් මියගිය අලියාගේ මරණය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.








