FAST NEWS

24×7 Around the Globe

ජවිපෙ ජනපති අපේක්‍ෂකයා අද ප්‍රකාශ කරන්න සුදානම්

(ෆාස්ට් නිව්ස්|කොළඹ) – එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනා තම අපේක්ෂකයා අද දිනයේ ප්‍රකාශයට පත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද කොළඹ , ගාලූමුවදොර පිටියේදී පැවැත්වෙන “ජාතික ජනබලවේගය” ජන රැළියේදී  බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

තම පක්‍ෂයේ නායකත්වයෙන් තවත් සංවිධාන 28 ක් එක්ව ඉදිරි ජනාධිපතිවරණය සඳහා එම අපේක්ෂකයා ඉදිරිපත් කරන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

මෙලෙස ජනාධිපතිවරණයක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ වසර 20 කට පසුව බවත් මන්ත්‍රීවරයා සිහිපත් කළේය.

මීට පෙර වමේ පොදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කර ඇත්තේ වසර 1999දීය.

එහිදී එම අපේක්‍ෂකයා තෙවන ස්ථානයට පත්වීමට සමත් විය.