(ෆාස්ට් නිව්ස්|කොළඹ) – යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ධුරයේ නිල කාලය අදින් අවසන් වීමට නියමිත බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසයි.
ඔහු යුද්ධ හමුදාපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ 2017 වසරේ ජූලි 19 වනදාය.
ඒ අනුව ඔහු වසර දෙකකට අධික කාලයක් සිය ධුරයේ කටයුතු කර තිබේ.
නමුත් ඔහුට තවත් සේවා දිගුවක් ලබාදීමට සේනාධිනායකයා වන ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බලතල පවති.
කෙසේ වෙතත්ව මේ වන තෙක් එවැනි දැනුම්දීමක් ඔහු වෙත සිදුකර නොමැති බව වර්තා වේ.








