FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය දැව සංස්ථාවේ අනුරාධපුර නව ප‍්‍රාදේශීය කාර්යාලය විවෘත කෙරේ

(ෆාස්ට්නිව්ස් |අනුරාධපුරය) – රාජ්‍ය දැව සංස්ථාවේ අඩ සියවසක සැමරුමට සමගාමීව අභිනවයෙන් ඉදිකරන ලද අනුරාධපුර නව ප‍්‍රාදේශීය කාර්යාලය ජනාධිපති  මෛති‍්‍රපාල සිරිසේන මහතා අතින් අද (17) පෙරවරුවේ විවෘත කෙරිණි.

සමරු ඵලකය නිරාවරණය කර කාර්යාල පරිශ‍්‍රය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාව ද නිරත විය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් එම කාර්යාල පරිශ‍්‍රයේ පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද දිසානායක, හිටපු අමාත්‍ය තිස්ස කරලියද්ද, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩබ්ලිව්.ඞී. ඒකනායක යන මහත්ම මහත්මින් ඇතු`ථ මහජන නියෝජිතයන් පිරිසක් ද, රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිනි නිලුකා ඒකනායක, සාමාන්‍යාධිකාරි ආචාර්ය නිමල් රුවන් පතිරණ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.