FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලාංකික විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් නව ග්‍රහ මණ්ඩලයක් සොයාගැනේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් නව ග්‍රහ මණ්ඩලයක් සොයාගෙන ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ චින්තන විජේවර්ධන මහතා පවසයි.

මෙම නව ග්‍රහ මණ්ඩලය සොයාගෙන ඇත්තේ කෙප්ලර් ටූ ව්‍යාපෘතිය යටතේ හඳුනාගත් තාරකාවක් පිළිබඳ සිදුකළ විද්‍යාත්මක විශ්ලේෂණයකදී බව චින්තන විජේවර්ධන මහතා සඳහන් කරයි.