FAST NEWS

24×7 Around the Globe

එ.ජා.පෙ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද (17)

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලු පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද (17) පැවැත්වේ.

අද පෙරවරුවේ පැවැත්වෙන මෙම රැස්වීමේදී සන්ධානගතවීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් ද සහභාගිවීමට නියමිත බව අකිල විරාජ් කාරියවසම් පැවසීය.