(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විහාරස්ථානයකට සැක කටයුතු ලෙස පැමිණ පළා ගිය පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් එක් අයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගියදා අතුරුගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයකට සැකකටයුතු පුද්ගලයින් පිරිසක් පැමිණ පලා ගොස් ඇති බවට අතුරුගිරිය පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණි.
එම විහාරස්ථානයේ හිමිනමක් කළ පැමිණිල්ලකට අනුව සැකකරු ඊයේ පස්වරුවේ වැලිකඩ, ගෝතමී පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඔහු 28 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.








