FAST NEWS

24×7 Around the Globe

හංවැල්ල මාර්ගයේ වාහන ගමනාගමනය අද සිට හෙට දක්වා සීමා කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ – හංවැල්ල 143 මාර්ගයේ අද (17) රාත්‍රී 10.00 සිට හෙට අලූයම 1.00 ක්වාත්, නැවතත් හෙට (18) උදෑසන 10.00 සිට පස්වරු 1.00 දක්වාත් වාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ඒ නවගමුව – ශ්‍රී පත්තිනි දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය හේතුවෙන්

ඒ අනුව කොළඹ දෙසට ධාවනය වන වාහන රනාල – සියඹලාගහ හන්දියෙන් වමට හරවා හබරකඩ මාර්ගයේ මුල්ලේගම, අතුරුගිරිය, මාළඹේ හරහා කොළඹ දෙසට ධාවනය කළ හැකියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සදහන් කළේ එමෙන්ම හංවැල්ල දෙසට ධාවනය වන වාහන කඩුවෙල හන්දියෙන් වමට හරවා බියගම, මාපිටිගම හරහා හංවැල්ල දෙසට ගමන් කළ හැකි බවයි.