(ෆාස්ට් නිවුස් | කොළඹ) – ජූලි 30 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ කර්නල්වරුන් 31 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට උසස් කර තිබේ.
යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායකගේ ඉල්ලීම මත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම උසස්වීම් ලබාදී ඇති බව යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේය .








