(ෆාස්ට් නිවුස් | කොළඹ) – ශිෂ්‍යත්ව සමතුන් වෙත ශිෂ්‍යාධාර ලබාදීම 06 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අඛණ්ඩව සිදු කෙරෙන ක්‍රියාවලියකි.
පසුගියදා අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දෙමින් පවසා සිටියේ සිසුන්ට ශිෂ්‍යාධාර මුදල් ගෙවීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව සිසුන්ට අපහසුවක් නොවන ආකාරයට නිශ්චිත කාල සීමාවක් තුළ සිදු කිරීම සඳහා තාක්ෂණය සහාය කරගනිමින් පියවර ගන්නා ලෙසයි.
එහි පළමු පියවර ලෙස ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ජාතික පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ගේ තොරතුරු සහ ශිෂ්‍යත්ව විභාගයෙන් ලබා ඇති ලකුණු ඇතුළු ශිෂ්‍යාධාර දීමනාව සඳහා සුදුසුකම් ලැබීමට අදාළ සියලු සවිස්තරාත්මක දත්ත මේ වන විට Online ක්‍රමයට ඇතුළත් කර තිබේ.
මෙතෙක් මාස් පතා පැවති වවුචර් ක්‍රමය වෙනුවට මෙම Online ක්‍රමය පැවතිමෙන් අදාළ ශිෂ්‍යාධාර මුදල් සිසුන්ගේ ගිණුමට නොපමාව බැරවීම සිදුවේ.
දැනට ලබන මාසික ශිෂ්‍යාධාර මුදල වන රුපියල් 500/- රුපියල් 750/- දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
මෙහි දෙවෙනි අදියර ලෙස 2020 වර්ෂයේ ජනවාරී මස සිට රජයේ සියලුම පාසල්වල සහ පිරිවෙන් වලත්, පෞද්ගලික හා රජයේ ආධාර ලබන පාසල්වල සිසුන් සඳහාත් Online ක්‍රමයට ශිෂ්‍යාධාර ලබා දීම සිදු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටියි.








