FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු කටුනායකට….

 

(ෆාස්ට් නිවුස් | කොළඹ) – නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාව වෙත ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු එරටින් පිටුවහල් කර විශේෂ ගුවන් යානයකින් අද පෙරවරුවේ බණ්ඩාරනායක කටුනායක ගුවන් තොටුපළ වෙත ඒවා තිබේ.

මෙම සියලු දෙනා පිරිමි පුද්ගලයින් වන අතර ඔවුන් හලාවත ප්‍රදේශයෙන් බහු දින ධීවර යාත්‍රා මගින් ඕස්ට්‍රේලියාව වෙත ගොස් ඇති බව වාර්තා වේ.

මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස අද දින පෙරවරු 6.30 ට පමණ ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි බී.එච්.වී.සී.අයි. (BHVCI) නැමැති විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එරට ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසකගේ රැකවරණය යටතේ එවා තිබිණි.

මේ වනවිට මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාර ගැනීමෙන් පසුව වැඩිදුර විමර්ශන කටයුතු සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.