(ෆාස්ට් නිවුස් | කොළඹ) – පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ(15) රාත්‍රියේ සිදුකළ වැටලීමකදි පාතාල සාමාජික සම්පත් නිරෝෂන් හෙවත් ආනමාලූ රංග සහ මොහොමඞ් ඉම්රාන් නැමැත්තා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයන් මාදම්පිටිය පොදු සුසාන භූමියේ අවමංගල්‍ය උත්සවයකට සහභාගිවීම සඳහා පැමිණ සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් මෙම ඝාතනය සිදුකර පළා ගොස් තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ලඟ තිබී වානේ කඩු දෙකක්, රබර් මිට සහිත මොට ආයුධයක්, යතුරුපැදියක් සහ ජංගම දුරකථනයක් ද සිය භාරයට ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත්ව ඇත.








