(ෆාස්ට් නිවුස් | කොළඹ) – පසුගියදා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ විෂය නිර්දේශයට අදාළ නොවන ප්‍රශ්න කිහිපයක් සහ දෝෂ සහිත ප්‍රශ්න කිහිපයක් තිබූ බව ලංකා ගුරු සේවා සංගමය ප්‍රකාශ කර සිටියි.
ඒ හේතුවෙන් උත්තර පත්‍ර ඇගයීමේදී ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු බව ඔවුන් වැඩි දුරටත් පවසයි.
03,04 සහ 05 ශ්‍රේණිවල විෂය නිර්දේශයට කිසිසේත් අදාළ නොවන පරිදි ප්‍රශ්න පත්‍රයෙහි 06 වන ප්‍රශ්නය සකසා තිබූ බව එම සංගමය පෙන්වා දෙයි.
අදාළ ප්‍රශ්නය 08 ශ්‍රේණියෙහි ගණිත පෙළ පොතෙහි දෙවන කොටසෙහි 26 වන පාඩමට අයත් වන බවද එම සංගමය වැඩිදුරටත් අනාවරණය කරයි.








