FAST NEWS

24×7 Around the Globe

පළාත් කිහිපයක තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

 

(ෆාස්ට් නිවුස් | කොළඹ) – සබරගමුව, මධ්‍යම, දකුණු සහ බස්නාහිර පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි අතර සෙසු පළාත්වල තැනින් තැන සවස කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී, ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං සහ අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් ඇති බැවින් ඒ මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.