(ෆාස්ට් නිවුස් | කොළඹ) – අගෝස්තු 01වන දින මරණ දඬුවම අහෝසි කරන ලෙසට පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබෙන පනත් කෙටුම්පත ඉදිරි පාර්ලිමේන්තු සති දෙකෙන් එකක විවාදයට ගැනීමට නියමිතව තිබේ
ගාල්ල දිස්ත්‍රික්කයේ එජාප මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
පනත් කෙටුම්පතට එරෙහිව කිසිවෙකු අධිකරණය හමුවට ගොස් නැති බවද පෙත්සම ගොනු කර තිබෙන්නේ පනත් කෙටුම්පතට එකඟව බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියි.
මෙම පනත් කෙටුම්පත ක්‍රියාත්මක වීමට පෙර මරණ දඬුවම නියම කර ඇති අයට එරෙහිව තිබෙන චෝදනාවන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කල යුතු චෝදනාවන් සේ සැලකිය යුතු බවද, මරණ දඬුවම යටතේ කළ හැකි වරදට සම්බන්ධව චෝදනා නියම වූ නමුත් මෙතෙක් දඬුවම් නොකළ අයගේ වරද ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් වරදක් ලෙසට සැලකිය යුතු බවද එම පනත් කෙටුම්පතේ සඳහන් වේ.








