(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (15) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ගන්නා තීරණය ලබන මස තුන්වනදා පැවැත්වෙන පක්ෂ මහ සමුළුවේදී ප්‍රකාශයට පත් කරන බවයි.
නිදහස් පක්ෂය සකස් කරන වැඩපිළිවෙලට සහය දෙන අපේක්ෂකයාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය ලබාදෙන බවත් අමරවීර මහතා කියා සිටියේය.
මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීම පිළිබඳව ද මෙහිදී මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්නකිරීම් වලදී ඊට පිළිතුරු ලබාදෙමින් මහින්ද අමරවීර මහතා කියා සිටියේ ඔහුට එරෙහිව පියවරක් ගැනීමට දැනට අපේක්ෂාවක් නොමැති බවයි.
එහෙත් ලබන සතියේදී පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වන බව ද මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.








