FAST NEWS

24×7 Around the Globe

ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා පෙත්සමක් අතසන් කරති.

ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකළ යුතු බව පවසමින් පෙත්සමකට අත්සන් ලබා ගැනීමේ වැඩසටහන් කිහිපයක් උතුරු ප්‍රදේශයේ සංවිධානය කොට තිබුණි.

අදාල අත්සන් ලබා ගැනීමේ වැඩසටහන් සංවිධානය කොට තිබුණේ ජාත්‍යන්තර වගවීමේ යාන්ත්‍රණයක් සඳහා වූ දෙමළ ක්‍රියාකාරී කමිටුව මගින්.

ඒ අනුව අත්සන් ලබා ගැනීමේ වැඩසටහන පළමුව යාපනය දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලද අනතුරුව කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකද සංවිධානය කොට තිබිනි.

මෙහිදී නැවත පදිංචි කළ වැසියන්ගෙන් අත්සන් ලබා ගැනීම සිදුවිය. මේ අතර අදාල අත්සන් සඳහා දෙමළ ජාතික සන්ධානයේ පලාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද සහය දක්වා ඇත.

මෙසේ අත්සන් තබන ලද පෙත්සම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ලබාදීමට කටයුතු යොදා ඇති බවටද එහි සංවිධායකවරුන් පවසයි.

1_4 3_5