FAST NEWS

24×7 Around the Globe

සීමාවාසික වෛද්‍ය පත්වීම් ලියාපදිංචිය හෙට (16) සිට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සීමාවාසික වෛද්‍ය පත්වීම් ලියාපදිංචිය හෙට (16) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.

ඒ අනුව පත්වීම් 1500 කට අධික ප්‍රමාණයක් වෙනුවෙන් අයැදුම්පත් කැඳවීම සිදු කරන බව එහි වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පැවසීය.

රජයේ වෛද්‍ය විද්‍යාලවල සහ විශ්වවිද්‍යාලවල අවසන් වසර විභාග නිමවීමෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් එවනු ලබන නිල ප්‍රතිඵල ලේඛන අමාත්‍යංශය වෙත ලැබී ඇත්තේ මීට දින කිහිපයකට පෙර බවයි පනාපිටිය මහතා අවධාරණය කළේ.