(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහනුවර ඇසල පෙරහරේ දියකැපීමේ මංගල්‍ය ගැටඹේ තොටේදී අද (15) අලුයම චාරිත්‍රානුකූලව සිදුකරනු ලැබීය.
ඝණදෙවි කෝවිලේ දේවාභරණ තැන්පත් කිරීම ද සිදුකළ අතර , දහවල් පෙරහර පෙරවරු 11.52 ට යෙදෙනු සුබ මොහොතින් ගමන් ඇරඹීය.
මහනුවර ඇසල පෙරහර පෞරාණික චාරිත්‍රවලට අනුව සාර්ථකව නිම කළ බව සදහන් පෙරහර සංදේශය දියවඩන නිලමේවරයා ප්‍රමුඛ සතර මහා දේවාලවල බස්නායක නිලමේවරු අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මහනුවර ජනාධිපති මන්දිරයේදී පිළිගැන්වීමට නියමිතය.
මෙවර දළදා පෙරහට සම්බන්ධ වී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ශිල්පීන්ට මුදල් ත්‍යාග හා සහතික පිරිනැමීම ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට කටයුතු යොදා ඇත.








