FAST NEWS

24×7 Around the Globe

පුරාවස්තු කැණීම් කළ සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට

 

(ෆාස්ට් නිවුස් | කොළඹ) – පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කළ සිව්දෙනෙකු, පොළොන්නරුව – උඩවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

ඊයේ (14) දිනයේ අත්අඩංගුවට ගත මෙම සැකකරුවන් අවුරුදු 42 ත් 73 ත් අතර වයස්වල පසුවන පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටියි.