FAST NEWS

24×7 Around the Globe

වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධ ප්‍රධාන සාක්කිකරුවකුට තර්ජන.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධ ප්‍රධාන සාක්කිකරුවකුට එල්ල වූ තර්ජන සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ පවත්වන බව නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ ඩිලාන් රත්නායක මහතා අද (10) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම් දුන්නේය.

තාජුඩීන් භාවිත කළ බව කියන ජංගම දුරකතනය හමුවී ඇතැයි අධිකරණයට දැනුම් දුන් නීතීඥවරයා එහි දත්ත ඇතැයි විශ්වාස කරන බව ද කීවේය.

එම දුරකතනය සම්බන්ධයෙන් විශේලේෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් කොළඹ විශ්ව විද්‍යාලයයේ පරිගණක පාසලේ කළමනාකාරුට නියෝග කළේය.