FAST NEWS

24×7 Around the Globe

ගුවන් තොටුපොල අවට සරුංගල් යවන්නන් හට දඬුවම්

 

(ෆාස්ට් නිවුස් | කොළඹ) – ශ්‍රී ලංකාව තුළ පිහිටි ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් තොටුපළ අවට ඉහළ අහසේ 05km ප්‍රමාණයක සරුංගල් යැවීම නීතිවිරෝධී සහ දඬුවම් ලැබිය හැකි වරදක් බව ගුවන් තොටුපළ කළමනාකරු එච්.එස්.හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර සිටියි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ද මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ මෙන්ම රත්මලාන , පලාලි , සීගිරිය , කොග්ගල ආදී අභ්‍යන්තර ගුවන් තොටුපළ වලට ද මෙය වලංගු වන බව ඒ මහතා පවසයි.

මෙම ගුවන් තොටුපළ අවට ප්‍රදේශ වල සිට ගුවනට යවනු ලබන සරුංගල් සහ ඒවායේ නූල් ගුවන් යානා වල අවර පෙති වල, ජෙට් ඇන්ජින් වල සහ අනෙකුත් විවිධ කොටස් වල පැටලීමෙන් සහ ගැටීමෙන් එම ගුවන් යානා වලට හානි සිදු වී ගුවන් අනතුරු ද ඇති විය හැකි බව හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.