FAST NEWS

24×7 Around the Globe

මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන්නන් සෙවීමට ඛේට පරීක්ෂාවක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන රියදුරන් හඳුනාගැනීම සඳහා විශේෂ පරීක්ෂාවක් සිදුකිරීමට නියමිතව ඇත.

ඒ අනුව නවීන තාක්ෂණය උපයෝගී කරගෙන විශේෂ ඛේට පරීක්ෂණයක් සිදුකිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කටයුතු යොදා තිබෙන බවයි වාර්තා වන්නේ.

පෞද්ගලික සහ ශ්‍රී ලංගම බස් රථ රියදුරන් ඉලක්ක කරගෙන මේ මස අවසානයට පෙර එම නව වැඩසටහන ආරම්භ කරන බව එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා කියා සිටියේය.