(ෆාස්ට් නිවුස් | කොළඹ) – අද (15) දිනයේ සබරගමුව,මධ්‍යම, දකුණු සහ බස්නාහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර වයඹ පළාතේ සිහින් වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේතුව නිවේදනය කරයි.
උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ තාවකාලිකව තද සුළං ඇතිවිය හැක.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.
පොතුවිල් සිට හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 60 දක්වා ක්ෂණිකව ඉහල යාමට සහ මුහුදු ප්‍රදේශ ඉතා රළු වීමට හැකියාවක් පවතී.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේතුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.








