FAST NEWS

24×7 Around the Globe

අධික වර්ෂාවත් සමග නාවලපිටියේ නිවාස රැසක් ජල⁣යෙන් යටවෙයි

 

(ෆාස්ට් නිව්ස් |කොළඹ ) – මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟ පිටාර ගැලිමෙන් නාවලපිටිය ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි.

නාවලපිටිය ජයසුන්දරඕවිට ප්‍රදේශයේ ඇතැම් නිවාස දෙමහල් ගොඩනැගිල්ලක් සහිත නිසා පිරිසක් උඩුමහල්වල රැදී සිටින බවත්, පහත් මහලේ සිටි විශාල පිරිසක් මේ වන ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවත් වාර්තා වේ.