FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන මිල ගණන් ඉහළට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ ) –  ඉන්ධන මිල සූත්‍රය අනුව අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 04 කින් ද ඉහළ යයි.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 03 කින් ඉහළ දමා ඇත.

ඔටෝ ඩීසල්හි මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුකර නැත.