FAST NEWS

24×7 Around the Globe

රත්නපුර -වේවැල්වත්ත මාර්ගයේ ස්ථාන කීපයක පස් කඳු කඩා වැටීම්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර – වේවැල්වත්ත මාර්ගයේ ස්ථාන කිහිපයකින් පස් කඳු කඩා වැටීම් වාර්තා වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කරයි.

මෙම මාර්ග භාවිතා කරන ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස එම සංවිධානය දැනුම් දෙයි.

මේ අතර ගිනිගත්හේන ප්‍රදේශයේදී පස් කඳු කඩා වැටීමෙන් වෙළෙඳ සැල් දෙකකට හානි සිදුව තිබේ.

කොටගල මේෆිල්ඩ් වතුයායේ ද පස් කන්දක් කඩා වැටීමත් සමග නිවාස 04 ක සිටි ජනතාව ඉන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.