(ෆාස්ට්නිව්ස් |කොළඹ) – පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
විශේෂයෙන් අඹගමුව, කොත්මලේ සහ නුවරඑළිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ පිහිටි කදුකරු බෑවුම් හා ඒ ආශ්‍රිත ප්‍රදේශ සදහා මෙම නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
අදාළ ප්‍රදේශවලට ගතවූ පැය 24 ක කාලය තුළ මිලිමීටර් 75 කට වැඩි වර්ෂාපතනයක් ඇද හැලී තිබේ.
මේ හේතුවෙන් නාය යෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරලීම්, පොළොව ගිලාබැසීම් හා පස් කන්ඩි කඩා වැටීමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වාදෙයි.








