(ෆාස්ට් නිවුස් | කොළඹ ) – ගම් පෙරළිය සංවර්ධන වැඩපිළිවෙලේ තුන්වන අදියර ලබන මස මුලදි ආරම්භ කිරීමට නියමිතයි.
රාජ්‍ය ඇමති ජේ.සී. අලවතුවල මහතා ප්‍රකාශ කරන පරිදි එම අදියරේ ව්‍යාපෘති වලින් ස්වයං රැකියාලාභීන් සවිබල ගැන්වීමේ වැඩපිළිවෙලක් ද ග්‍රාමීය මට්ටමේ ඇති විවිධ සංවිධාන ශක්තිමත් කිරීමට ද පියවර ගනු ඇත.
සෑම මැතිවරණ කොට්ඨාසයකටම ගම් පෙරළිය සංවර්ධන වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා මේ වනවිට රුපියල් කෝටි 30 ක මුදලක් ලබාදී තිබෙන අතර, තුන්වන අදියරේ දී සෑම මැතිවරණ කොට්ඨාසයකටම අමතර රුපියල් කෝටි 10 ක මුදලක් වෙන් කරන බවද රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කරයි.








