FAST NEWS

24×7 Around the Globe

රංජිත් සියඹලාපිටිය ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද (13) ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටියේය.

ඒ විදුලිබල මණ්ඩලයේ විදුලි ධාරිතා මිලදී ගැනීමේදී සහ බලාගාර සදහා ඉන්ධන ලබා ගැනීමේදී සිදුවූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් ගොනුකර ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහායි.

මේ අතර, බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා අද දහවල් 12.00 ට එම කොමිසම වෙත කැදවා තිබූ අතර, අද දිනයේ තමාට ඒ සඳහා පැමිණීමට නොහැකි බව අමාත්‍යවරයා කොමිසම වෙත දන්වා තිබෙන බව වාර්තා විය.

මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සදහා ගාමිණී ජයවික්‍රම අමාත්‍යවරයාව කොමිසම හමුවට කැදවා තිබුණි.