FAST NEWS

24×7 Around the Globe

රැකියා විරහිත උපාධිධාරින් පා ගමනින් ආර්ථික කටයුතු අමාත්‍යාංශයට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය කොටුව දුම්රියපොල ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පාගමන මේ වනවිට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ තිබේ.

මොවුන් අද (13) උදෑසන කොටුව දුම්රිය ස්ථානය අසල සිට පාගමනින් පැමිණ ලෝටස් වටරවුම ඉදිරිපිට විරෝධතාවයේ නිරත විය.

මේ හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු ලෝටස් මාර්ගයද මේ වනවිට විවෘත කර තිබේ.

ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී බාහිර සහ අභ්‍යන්තර ලෙස උපාධිධාරීන් බෙදීමකට ලක් කිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත විිය.