(ෆාස්ට් නිවුස් | කොළඹ ) – පසුගිය පස්වන දින සිට අද (13) දක්වා දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථ වාහන මෙහෙයුමකින් බීමත් රියදුරන් 8488 ක් අත්අඩංගුවට ගැනීමට රථ වාහන පොලිසිය සමත්ව ඇත.
ඊයේ (12) පෙරවරු 06 සිට අද (13) පෙරවරු 06 දක්වා පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 155 ක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කර සිටියි.








