FAST NEWS

24×7 Around the Globe

සංචාරකයින්ගෙන් පිරී ගිය සීගිරිය

 

(ෆාස්ට් නිවුස් | කොළඹ ) – පාසැල් නිවාඩු කාලය හේතුවෙන් මෙන්ම ඊයේ (12) දිනය රජයේ නිවාඩු දිනයක් වීම නිසාත්, දේශීය සංචාරකයින් රැසක් මෙම සති අන්තයේ දී සීගිරිය හා දඹුල්ල ප්‍රදේශවල වැඩිවශයෙන් දැකගත හැකිවිය.

යළිත් වරක් මෙරට සංචාරක කර්මාන්තය යහපත් අතට හැරෙමින් පවතින බවට සාක්ෂි දරමින් විදේස් සංචාරකයින් විශාල ප්‍රමාණයක් ද මෙම ප්‍රදේශයන් හි දකින්නට ලැබීම විශේෂතත්වයක්.

සීගිරිය පර්වත පාමුල සිට සිංහ පාදය දක්වාත්, එතැන් සිට පර්වතය මුදුන දත්වාත් අධික තදබද තත්ත්වයක් ඇති වූ අතර ඒ හේතුවෙන් පැය ගණනාවක් පොළීම්වල රැඳී සිටීමට සංචාරකයින්ට සිදුවිය.

හෝටල්වල මිල ගණන් පහත හෙළීමට හෝටල්කරුවන් කටයුතු කිරීමත්, තවත් හෝටල් මෙරට වාණිජ බැංකු සමඟ සම්බන්ධ වී ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා සුවිශාල වට්ටම් ලබා දීමත් හේතුකර ගෙන දේශීය සංචාරකයින් මෙලෙස විශාල වශයෙන් එම පහසුකම් භුක්තු විඳීමට කටුයුතු කර තිබුණි.