(ෆාස්ට්නිව්ස්| කොළඹ) – මධ්‍යම කඳුකරයට ඇද හැලූණු අධික වර්ෂාපතනයත් සමඟ ජලාශවල විවෘත කෙරුණු වාන්දොරටු මේ වනවිට යළි වසා දමා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව ලක්ෂපාන, කැනියොන් සහ ඉහළ කොත්මලේ යන ජලාශ වල මෙලෙස වාන් දොරටු වසා දම තිබේ.
මධ්‍යම කදුකරයට ඇද හැලූණු අධික වර්ෂාපතනයත් සමග ලක්ෂපාන ජලාශයේ වාන්දොරටු දෙකක් සහ කැනියොන්, ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටුව බැගින් විවෘත කෙරුණි.








