(ෆාස්ට් නිවුස් | කොළඹ ) – මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා විසින් ඉගිණියාගල සේනානායක සමුද්‍රය ඉදිකිරීමෙන් වසර 65 කට පමණ පසුව පළමු වතාවට එහි ජලමට්ටම අඩි 25.5 දක්වා අඩුවී ඇති බව වාරිමාර්ග දෙපාර්මේන්තුව ප්‍රකාශ කරයි.
ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ මුළු ජල ධාරිතාව අක්කර අඩි 7,700,000 ක් වන අතර සේනානායක සමුද්‍රයේ ජලය අක්කර අඩි 757,500 ක් අඩුවී ඇත.
මේ හේතුව නිසා ඉදිරියේදි ජලය ප්‍රයෝජනයට ගත හැක්කේ බීමට පමණක් බව අම්පාර වාරිමාර්ග ඉංජිනේරු අමරජීව ලියනගේ මහතා අවධාරණය කර සිටී.
පවතින තත්ත්වය අනුව ගොවියන් මහත් අපහසුතාවට පත්ව ඇති අතර උක් වගාව සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීමට නොහැකි වුවහොත් වගාවට දැඩි ලෙස බලපාන බව ගල්ඔය වැවිලි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි සුරාත් පෙරේරා මහතා පැවසීය.
ඉගිණියාගල සේනානායක සමුද්‍රය යටතේ කුඹුරැ අක්කර 125,000 වගා කිරීමට මුලිකව සැලසුම් කර තිබුනත් අද වෙනවිට එය වැඩිවීම නිසා ජලාශයේ වතුර අඩුවෙන බව ගල්ඔය වම් ඉවුර ව්‍යාපාරික ගොවි සංවිධානයේ සභාපති සී.එච්.කුමාර මහතා පවසයි.
පවතින තත්වය මත ගොවින්ගේ අනාගත ඉරණම අසතුටුදායක තත්වයක පවතින අතර සමුද්‍රය ඉදිකිරිමෙන් පසුව මෙතරම් ජලය අඩුවු පළමු අවස්ථාව මෙය නිසා, එය වසර 65 ක කාලයකදි ගොඩවි ඇත්නම් ඒ පිළිබඳව සොයා බලා පියවරක් ගැනිම රජයේ යුතුකම බව ද ඔහු සඳහන් කළේය.








