(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ අංගනයක වී ගබඩා කිරීම හේතුවෙන් එහි දේපළවලට හානි සිදුවීමේ සිද්ධියට අදාළ තක්සේරු වාර්තාව මේ සතියේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ලැබීමට නියමිතව ඇත.
තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා මත්තල ගුවන් තොටුපළේ නිරීක්ෂණයක නිරත විය.
ඊට අදාළව සකස් කළ වාර්තාව මෙලෙස ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත භාරදීමට නියමිතව තිබේ.








