(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතාට වත්මන් රජයේ ආයතනයන් හි වංචා සහ දූෂණ සිද්ධීන් සොයාබලන ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ හෙට (13) පෙනී සිටින ලෙසට එම කොමිසම දැනුම් දී තිබේ.
ඒ , ‘මහපොළ’උසස් අධ්‍යාපන බාරකාර අරමුදල සතුව සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ හා වංචා සිද්ධීන් පිළිබඳව සාක්කි ගැනීම සඳහායි.
ඒ අනුව අමාත්‍ය ජයවික‍්‍රම පෙරේරා මහතා හෙට පෙරවරු 9.30 ට එම කොමිසම හමුවේ සාක්ෂී ලබාදීමට පැමිණීමට නියමිත බව එම කොමිසමේ ප‍්‍රකාශකයකු පැවසීය.








