(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උසස් පෙළ විභාගය අසමත් විදේශ වෛද්‍ය උපාධියක් සහිත සිසුන් පිරිසකට නීත්‍යානුකූල නොවන වෛද්‍ය පත්වීම් ලබාදුන් බවට වෛද්‍ය සභාවට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
සීමාවාසික වෛද්‍යවරයෙක් ලෙස වෛද්‍ය සභාවෙන් පත්වීමක් ලබා ගැනීමට නම් උසස් පෙළ සඳහා අවම S3 සාමාර්ථයක් තිබිය යුතු අතර , අවම සුදුසුකම් සපුරා නොමැති සිසුන්ට නීත්‍යානුකූල නොවන පත් වීම් ලබාදීම සහ එසේ ලබා දීම වෙනුවෙන් අල්ලස් ගැනීම පැමිණිලි පාර්ශවය විසින් වෛද්‍ය සභාවට එල්ල කර ඇති චෝදනා අතර වේ.









