FAST NEWS

24×7 Around the Globe

කොළඹ කුණු ප්‍රවාහනයට පුත්තලම ජනතාවගේ දැඩි විරෝධතාවය

 

(ෆාස්ට් නිවුස් | කොළඹ) – කොළඹ නගරය තුළ , පසුගිය දින 05ක පමණ කාලය තුළ දී කසළ මෙටි‍්‍රක් ටොන් 3000කට ආසන්න ප්‍රමාණයක් එක්රැස් වී තිබූ බවට වාර්තා වේ.

පුත්තලමේදී ජනතාව දැක්වූ විරෝධතා හේතුවෙන් අදාල කසල ප්‍රවාහනය කරන ටිපර් රථවලට පොලිස් ආරක්ෂාව ද ලබාදී ඇති අතර, ඒවා ප්‍රවාහනයේදී වෙන් වෙන් වශයෙන් ධාවනය නොකර එකට ධාවනය කිරීමටයි පියවර ගෙන ඇත.

මේ මොහොත වන විට එම කසළ කොළඹ සිට අරුවක්කාරු කසළ අංගනය වෙත ප්‍රවාහනය කරමින් සිටින බව කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා සඳහන් කරයි .

අද (12) සහ හෙට (13) කොළඹ නගරයේ ගොඩගැසී ඇති කසල සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට හැකි වනු ඇති බව එම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.