FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිසමේ සාමාජික රැස්වීමක් අද (12) පස්වරුවේ

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අද (12) පස්වරුවේ රැස්වීමට නියමිතව ඇත.

ඒ , පුරප්පාඩුව පවතින පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දෙකක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහායි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වී ඇති මන්ත්‍රී ධුරය සහ ශාන්ත බණ්ඩාර මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක්වනු ඇති බව කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසීය.

මීට අමතරව, මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ද ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.