FAST NEWS

24×7 Around the Globe

රු.මිලියන 18ක් වටිනා කොකේන් සමඟ ඉන්දීය කාන්තාවක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුපියල් මිලියන 18කට අධික වටිනාකමකින් යුත් කොකේන් කිලෝ එකයි ග්‍රෑම් 25ක් සමඟ ඉන්දීය කාන්තාවක් කටුනායක ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

චෙන්නායි සිට මෙරටට පැමිණි එම කාන්තාව 37 වන වියේ පසුවනවා.

මේ අතර, අයිස් මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන් තොටුපළේදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ චෙන්නායි සිට පැමිණි කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අද (11) අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

අනතුරුව ඔහුව කැදවාගෙන යාමට වෑන් රථයකින් පැමිණි මාතලේ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තවත් පුද්ගලයෙකු ආධාර අනුබල දීමේ වරදට අත්අඩංගුවට ගත් බව එම කාර්යාලය සඳහන් කළේය.