(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව අද (11) නම් කෙරුණි.
ඒ පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින්.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහා සම්මේලනය අද පස්වරු 3ට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ – සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේදී ආරම්භ විය.
එහිදී , ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමීම පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස් මහතා අතින් කෙරුණි.
ඒ අනුව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තරග කිරීමට නියමිතයි.








